Tuesday, March 22, 2016

කෑශ් මෙමරිය කුමට ද?

Why Cache Memory is Required



කෑශ් මෙමරියට හා සසම්භාවී ප‍්‍රවේශ මතකය ට පොදුවූ ලක්‍ෂණයක් තමයි ඒවායේ මතකය විදුලි බලය මත රඳා පැවතීම. විදුලිය විසන්දි වූ සැනින් මේවායේ ගබඩා කරතිබූ දත්ත සියල්ල මැකී යනවා. ඒ වගේම කෑශ් මෙමරියට වඩා විෂාල ධාරිතාවයක් සසම්භාවී ප‍්‍රවේශ මතකයට තියෙනවා. නමුත් සසම්භාවී ප‍්‍රවේශ මතකයේ දත්ත කියවන වේගයට වඩා ඉතා විෂාල වේගයකින් මධ්‍ය සැකසුම් ඒකකය දත්ත සැකසීම සිදුකරනවා. මෙම දත්ත හැසිරවීමේ විෂමතාවයට පිළියමක් වශයෙන් තමයි කෑශ් මෙමරිය භාවිතා වෙන්නේ.

කෑශ් මෙමරියේ දත්ත ගබඩා කිරීමේ හා කියවීමේ වේගය සසම්භාවී ප‍්‍රවේශ මතකයට වඩා ඉතා වැඩි නිසා මධ්‍ය සැකසුම් ඒකකය මගින් නිතර භාවිතයට ගන්නා දත්ත වල පිටපත් කෑෂ් මෙමරිය තුළත් තබාගන්නවා. නවීන මධ්‍යසැකසුම් ඒකක සතුව අවම වශයෙන් ස්වාධීන කෑශ් මෙමරි වර්ග තුනක් තිබෙනවා. ඉන් එකක් වන instruction cache මගින් සිදුවන්නේ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් මධ්‍ය සැකසුම් ඒකකයට රැගෙන ඒමේ වේගය වැඩිකිරීම යි.Data cache මගින් සිදුවන්නේ දත්ත රැගෙන ඒමේ සහ නැවත දත්ත ගබඩා කිරීමේ වේගය වැඩිකිරීම යි. Translation Lookaside Buffer (TLB) මගින්, අතථ්‍ය (virtual) ලිපිනයන් භෟතික ලිපිනයන් බවට පරිවර්තනය කරමින් උපදෙස් හා දත්ත යන දෙවර්ගයම හැසිරවීමේ වේගය වැඩිකර යි. මෙය memory management unit හි කොටසක් වශයෙන් ද පෙන්වා දිය හැක. Data cache ධූරාවලි මට්ටම් කිහිපයකට බෙදා දැක්විය හැකි අතර ඒවා L1, L2 ආදී වශයෙන් හැඳින්වේ.


-- හසල සිතුම් --

No comments:

Post a Comment